Janatha Parliament

ජනතා පාර්ලිමේන්තුව

Janatha Parliament

ජනතා පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම හා වරප්‍රසාද

1. පාර්ලිමේන්තුවේ අනුරුවක් ලෙස පරමාදර්ශී '' ජායා පාර්ලිමේන්තුව '' සකස් කරන බැවින් නියෝජිතයින් 225 දෙනෙකු තෝරා පත් කරගනු ලැබේ.

ආසන මට්ටමින් - 160
ජාතික ලයිස්තුවෙන් - 29
අමාත්‍යාංග මහජන සභා මගින් - 36

ඉදිරියේදී පිහිටුවන ජායා පාර්ලිමේන්තුව විසින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමේ දී අප රටට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රවේශයන් ඔස්සේ විමසා බැලිය යුතුව ඇත.

2. ආසන මට්ටමින් නියෝජිතයින් - 160
එතෙක් බිහිකරනු ලබන ඡායා පාර්ලිමේන්තු සංයුතිය තුළ, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ආසන මට්ටමින් 160 දෙනෙකු තෝරා පත් කර ගනු ලැබේ. මෙම තෝරා පත් කරගැනීම සිදු කරනු ලබන්නේ ජනතා ඡන්දයෙනි. ග්‍රාම සේවක කොට්ඨාස මට්ටමින් පිහිටුවනු ලබන ජන සභා මගින් ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩපිළිවෙළක් සකස් කෙරෙන අතර වෙබ් අඩවියක් හරහා ඩිජිටල් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ද උදා වේ. මෙසේ ඡන්දය ප්‍රකාශ කරන ජනතාවට තම ගියොපිතයා නැවත කැඳවීමේ බලයද හිමි වේ.

3. ජාතික ලයිස්තුවෙන් නියෝජිතයින් - 29
ප්‍රථමයෙන් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් විද්වත් සභාවක් සුදුසු නිර්ණායකයන්ට අනුකුලව පත් කරනු ලැබේ. එම විද්වත් සභාව මගින් ප්‍රතිපත්ති සම්පාදනයේ දී ඉහළ දායකත්වයක් ලබා දිය හැකි විවිධ ක්ෂේත්‍ර වල ප්‍රාමාණික දැනුමක් ඇති 29 දෙනෙකු පසුබිම් වාර්තා (Track Records) අනුව තෝරා පත් කර ජාතික ලයිස්තුවට නිර්දේශ කරනු ලැබේ. එම 29 දෙනා නැවත කැඳවීමේ බලය මෙම විද්වත් සභාවට ඇත.

ඉහත විද්වත් සභාවේ සාමාජිකයින්ගේ සභා කාලය අවසන් වූ පසු නැවත පත්වන විද්වත් සභාව ජනතා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුයි.

4. අමාත්‍යාංශ මහජන සභා මගින් හියොජිතයින් - 36 යි