ජනතා පාර්ලිමේන්තුවට

සාදරයෙන් පිළිගනිමු

மக்கள் பாராளுமன்றத்திற்கு

அன்புடன் வரவேற்கிறோம்.

WELCOME TO

THE

Janatha Parliament

ජනතා පාර්ලිමේන්තු

සංකල්පය

තනි තනිව විසඳාගත නොහැකි ගැටළු විසදා ගැනීම සඳහා සාමූහිකව පොදු ජනතාව විසින් පත් කරන නියෝජිතයන් පාලනය කිරීමේ, කළමනාකරණය කිරීමේ, නියාමනය, ඇගයීම හා තක්සේරු කිරීමේ පූර්ණ බලය සමග අකාර්යක්‍ෂම වූ ඕනෑම මොහොතක නියෝජිතයන් ආපසු කැඳවීමේ හා නැවත පත්කිරීමේ බලය පැය 24 පුරා ජනතාව සන්තකව පැවතීම, ජනතා සහභාගීත්වය ප්‍රජාතන්ත්‍රවාදය වන්නේය. ජනතා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය කියාත්මක කිරීමේ උපාය, උපක්‍රම, ක්‍රමවේද, යාන්ත්‍රණ හා ක්‍රියාකාරකම් හි මෙවලම වන්නේ ජනතා පාර්ලිමේන්තු ක්‍රියාවලියයි.

සංකල්පමය ප්‍රකාශනය

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව, අධ්‍යාත්මික දියුණුව හා සමපාත නොවෙමින් ද, ආධ්‍යාත්මක දියුණුව නොතකා හරිමින් ද, පෙර ගමන් කල සෑම මොහොතකම වසර ලක්‍ෂ ගණනක් තිස්සේ මිනිසා විසින්ම ලෝකය විනාශය වෙත ගෙනගොස් ඇත.

මෙම අවාසනාවන්ත තත්වයෙන් නූතන මිනිසා මුදාගැනීම පිළිබඳ සංවාදය ආරමිභ වන්නේ අදින් වසර 3000 කට පෙර ග්‍රීසියේ විසූ අනක්සගෝරස් පඬිතුමන්ගේ යුගයේ පටන් වන නමුත්, බටහිර දර්ශනවාදය තවමත් එම අභියෝගය ජයගැනීමට අසමත්ව ඇත. අවම අධ්‍යාත්මයක් සහිතව විද්‍යාවේ හා තාක්ෂණයේ බලය මෙහෙයවමින් නූතන පාලකයන් හා කළමනාකරුවන් විසින්
මානව සංහතිය නැවත වරක් පෙරසේ විනාශයේ දොරකඩ වෙත ගෙන යමින් සිටින වර්තමානයේදී, පිරික්සීම, තුලනය හා පාලන ක්‍රියාවලිය දසරාජ ධර්ම හා සප්ත අපරිහානිය ධර්ම මත පදනම්ව පෙරදිග පවත්වාගෙන ගිය මහා සම්මත රාජ්‍ය පාලන ක්‍රම වේදය ද, ස්කැන්ඩිනේවියානු රටවල් වල ක්‍රියාත්මක වෙමින් පවතින ජනතා නියෝජිතයන් අප්‍රමාදිව ආපසු කැදවීමේ ක්‍රමවේදය, යුරෝපයේ හා ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන චායා අමාත්‍ය මන්ඩල ක්‍රමවේදය ද ඇසුරු කරමින් විද්‍යාවේ හා තාක්ෂණ යුගයේ සිට අධ්‍යාත්මක යුගය වෙත ලෝකය කැදවාගෙන යාමේ ආලෝකය සකල දේශවාසී ජනතාව වෙත පතුරුවාහරිමින් ලෝකය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා වන ඒකායන මාර්ගයයී.

Janatha Parliament

දැක්ම

විචක්ෂණශීලී පුරවැසියෙක්! තිරසර සංවර්ධනයක්! අභිමානවත් දේශයක්!
(පුරවැසියා, රජය, මාතෘ භූමිය)

பார்வை

விவேகமுள்ள குடிமகன்! நிலையான அபிவிருத்தி! பெருமைக்குரிய பூமி! (குடிமகன், அரசு, தாய்நாடு)

Vision

A prudent citizen! Sustainable development! A proud land!
(Citizen, Government, Motherland)

මෙහෙවර

'' පුරවැසියන්ට යහ පැවැත්ම, ආයතනයන්හි යහපාලනය, රටට සාමය හා සෞභාග්‍යය "

செய்வர்

"குடிமக்களுக்கு நல்வாழ்வு, நிறுவனங்களின் நல்ல நிர்வாகம், நாட்டிற்கு அமைதி மற்றும் செழிப்பு"

Mission

"Well-being for citizens, good governance of institutions, peace and prosperity for the country"

ජනතා පාර්ලිමේන්තු

පුර්විකාව

සියළුම මැතිවරණයන්හිදී පුරවැසියන් “රජුන්” ලෙස සළකන්නත්, බලයට පත් වූ දේශපාලකයා ජනතාවගේ පරමාධිපත්‍ය බලය, මුලික අයිතිවාසිකම් හා මානව හිමිකම් අහිමි කර, නීතිය පසිඳලන ආයතන අකර්මන්‍ය කරමින් ජීවිතයේ පොහොසත්කම හා සතුට අහිමිකර, දිනපතා අවිශ්වාසයෙන් ජීවත්වන ජන සමාජයක් නිර්මාණය කර ඇත.

ඊට පිළියම් ලෙස ජනතා පාර්ලිමේන්තු සංකල්පය ක්‍රියාත්මක කරමින්, ජනතාව හා සකල ජිවින්ගේ සුබ සාධනය, විශ්වීය මානව නිදහස, සෞඛ්‍ය සහ සතුට ස්ථාපිත කිරීම අපගේ ඒකායන අරමුනයි. මේ ක්‍රියදාමය පිළිබඳව පුරවැසියන් හට පැහැදිළි අවබෝධයක් ඇති කර, මූලික යුතුකම් හා නීතියේ සාධාරණතාවය ජනතාවට සහතික කළ යුතුය.

පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.

"එක්සිත්ව, එක්සත්ව, එකමුතු
සිරි ලංකාවක් උදෙසා."

"ஒரு ஐக்கியப்பட்ட, ஒன்றுபட்ட, ஐக்கிய இலங்கைக்காக."

"For a Like-Minded, United, Unitary Sri Lanka."

පද්ධති වෙනස යනු

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය

ආරාධනාවයි

හිතවත් සිරි ලාංකික පුරවැසියනි!

පසුගිය කාලයේ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් මහ පාරට බැස අරගල කළ සියළු දෙනා හට, අප ශ්‍රී ලාංකික පුරවැසියන් එකමුතුව නව ජනතා පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම සඳහා පෙළ ගැසීමට කාලය එළඹ ඇත. ස්වාධීන නිවහල් රටක් ගොඩනැගීම අපගේ වගකීමකි. මෙම ජනතා පාර්ලිමේන්තු සංකල්පය සමග එක්ව, එය යථාර්ථයක් කරමින්, සැමට සෙවන දෙන මහා ව්‍යාපෘතියක් බවට පත් කරමින්, අප හා එක්ව ඉදිරියට එන්න.

ආරාධනාවයි,

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම පුරවැසියන් අපගේ සත්කාරක ලංකා සංවර්ධන පෙරමුණ (LDF) ආයතනයේ සාමාජිකයන් ලෙස අප සලකමු, එසේ හෙයින් අපගේ ඉහත ප්‍රතිපත්ති වන යහපත් පුරවැසියකු සතු විය යුතු ගුණාංග 30ට එකගතාවය පලකර රුපියල් 100ක සමාජිකත්ව මුදලක් ගෙවා සක්‍රිය යාවජීව සාමාජිකත්වය ලබා ගත හැක. මෙම ආයතනය ලාභාංශ නොබෙදෙන සමාජ සේවා හා සමාජ සංවර්ධන ගරෙන්ටි සමාගමකි. මෙම LDF ආයතනය සමස්ත ජනතාවගේ සුභසිද්ධිය සදහා වූ ජාතික තලයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම, ව්‍යවසාව්‍යකත්ව හා ව්‍යවසාය සංවර්ධනය, සමුපකාර සංවිධානය වැනි කටයුතු සදහා හදුනාගත් ක්‍ෂේත්‍ර 22ක් තුල බුද්ධිමතුන් ඒකරාශී වීම සහ එම ව්‍යාපෘති සදහා ජාත්‍යන්තර වශයෙන් අරමුදල් රැස් කිරීම ආදී වගකීම් දරනු ඇත. ආයතනයේ සාමාජික මුදල්, ව්‍යාපෘති අරමුදල් හා සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය පිලිබඳ තොරතුරු සියලු සාමාජිකයන්ට මාර්ගගත පාරදෘශ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතියක් මගින් නිරීක්ෂණය කිරීමට, අදහස් හා යෝජනා දැක්වීමට හා තවදුරටත් ක්‍රියාකාරීව සම්බන්ද වීමට අවසථාව සලසනු ඇත.

ඔබගේ අදහස් අපට දන්වන්න